Sadawatha cover art

생성일: 4월 15, 2026

가사

වසත් සඳවත
ඔබයි මගෙ නෙත
දුරින් හිඳ සිත්
විමන් සරසන

වියත් සඳවත
ඔබයි මගෙ සිත
දුරින් හිඳ නෙත්
පහන් සරසන

සොඳුරු සඳවත
ඔබේ සෙනෙහස
දුරින් නොව ළඟ
දැනෙයි මා සිත

සයුරු රළ නුඹ
නිතර ඇවිදින්
වෙරළ සිඹ යන
අහස් ගැබ නුඹ
පෙනෙන මුත්
සිතිජ ඉම

පොළොව හා
ළිං නොවන
මලකි නුඹ
පිපී හිනැහෙන
රොන් සුවඳ

සුළගේ පාවෙන
සිහිනයකි නුඹ මට
මගේම වූ
ඉකි බිඳින මුත් සිත
කිසිදා හිමි නොව

සිරි විඳිමි නිහඬ රැය
නෙත් පියා සිසිල් සඳ
සිතිවිලිය සිහින මැද
තරු කැට තනිය රැක...
මුදු පින්නේ පහස ලැබ

සොඳුරු හැඟුමකට හද
තෙලිතුඩින් පාට කර
සිත්තමකි හැඩට ඇඳ......
හුදකලා වෙන්න මට
මුළු ලොවම නිදිද අද
නව ඉරක් ගෙමිදුලට

පායන්න මල් ගහට....
ගෙවී ගිය සැමරුමට
තිතක් ඇත තියන්නට....
අළුත් වී හිනැහෙන්න
ලොවම හැඩ බලන්නට

වසත් සඳවත
ඔබයි මගෙ නෙත
දුරින් හිඳ සිත්
විමන් සරසන

වියත් සඳවත
ඔබයි මගෙ සිත
දුරින් හිඳ නෙත්
පහන් සරසන

සොඳුරු සඳවත
ඔබේ සෙනෙහස
දුරින් නොව ළඟ
දැනෙයි මා සිත